කණ්ඩායමේ නොසිටි අයෙකු තරගයක් පාවාදෙන්නේ කොහොමද ? මහේල

කණ්ඩායමේ නොසිටි අයෙකු තරගයක් පාවාදෙන්නේ කොහොමද ? මහේල

කණ්ඩායමේ නැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි, 2011 ලෝක කුසලානය අවසන් මහ තරගයට මුදලට විකුණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය පිළිබඳව නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක  මහේල ජයවර්ධන විමසයි.

ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ය.

මහේල ජයවර්ධන එහිදී  පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි තමන් නොදන්නා බවයි. 

එසේම යමෙක් 2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් එය ස්වාභාවිකම විශාල ගනුදෙනුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

“අවුරුදු 09කට පසු අපි බුද්ධිමත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු…” යැයිද ඔහු සඳහන් කර තිබේ.

මහේල ජයවර්ධන තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

Screenshot 20200621 190738

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න