හමුදාවේ තුන්දාහක් මැරුවා කියා ප්‍රසිද්ධියේ කියන කරුණා ගැන ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද ? මරික්කාර්

හමුදාවේ තුන්දාහක් මැරුවා කියා ප්‍රසිද්ධියේ කියන කරුණා ගැන ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද ? මරික්කාර්

‘‘එක් පසකින් කරුණාඅම්මාන් තමන්ගේ කෙරුම් ආඩම්බරයෙන් කියනවා, අනෙක් පසින් රණවිරුවන්ගේ දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ සිහිවටන ඉස්සරහා හඬා වැටෙනනවා. මේ කඳුළු මතින් බලයට ආපු ආණ්ඩුව දැන් ඉන්නේ ලැජ්ජාවක් නැතුවද කියා අහන්න කැමතී? යැයි කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , සමගි ජනබලවේගය අපේක්ෂක එස්.එම්. මරික්කාර් ප්‍රශ්න කර සිටියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මේ බව සඳහන් කර සිටියේ අද (21)  කොලොන්නාවේ පිහිටි සිය මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවවත්වමින්ය.

හිටපු මන්ත්‍රීවරයාගේ මේ ප්‍රශ්න කිරීමට පාදක වූයේ  ,පසුගිය දා විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් කරන ලද බරපතල ප්‍රකාශයයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

මේ පැත්තෙන් එක්කෙනෙක් කියනවා මම කොටි මැරුවා කියලා මට ඡන්දෙ දෙන්න කියලා, උතුරු - නැගෙනහිරදි කරුණා අම්මාන් කියනවා මම හමුදාව මැරුවා කියලා මට ඡන්දෙ දෙන්න කියලා. ඒත්  යුද්ධෙ දිනපු සරත් ෆොන්සේකාව හිරෙ දානවා, කොස් ගෙඩියක් පොල්ගෙඩියක් හොරෙන් කඩපු අහිxසක මිනිහව හිරේ දානවා. තුන්දාහක් හමුදා සාමාජිකයන් මැරුවා කියලා මැතිවරණ වේදිකාවෙ පම්පෝරි ගහන  මනුස්සයාට මොකක්ද දෙන්න ඕනි දඬුවම ? ඒ නිසා මේ බරපතල ප්‍රකාශයට විරුද්ධ නඩු පවරලා ක්‍රියාමර්ග ගන්න ඕනි කියන එක මතක් කර සිටිනවා.

ඒ නිසා අපි ඉල්ලා සිටිනවා තමන් බලයට එන්න ගත්ත මාතෘකාවට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.

ඒ වගේ ම ඇතැම් මාධ්‍ය මේවා දැක්කෙ නැහැ වගේ ඉන්නවා. එත් එක්ක්ම මේ වගේ බරපතල ප්‍රකාශ සාධාරණීයකරණය කරන සමාජ මාධ්‍ය වහල්ලුත් ඉන්නවා. 

ඒ වගේම මහජනතාවට අයත් පොදු දේපලක් වන මාධ්‍ය තරxග අවභාවිතා කර මාධ්‍යකරණයේ නියැලෙන අයටත් සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ පොදු දේපල අවභාවිතා කිරීම යටතේ දඬුවම් කරනවා.’’

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න