පාසලේ අක්‍රමිකතා ගැන චෝදනාලාභී ප්‍රින්සිපල්ට ලංකාවේම අධ්‍යාපනය බාර දීලා !

පාසලේ අක්‍රමිකතා ගැන චෝදනාලාභී ප්‍රින්සිපල්ට ලංකාවේම අධ්‍යාපනය බාර දීලා !

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන ඉහල පෙලේ කොළඹ කාන්තා විදුහලක විදුහල්පතිනියක් ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙස කටයුතු කිරිමෙන් ඇයට විරුද්ධ පරික්ෂණයට බාධා වනු ඇතැයි ගුරු වෘත්තිය සමිතියක් අනතුරු අඟවයි.

මීට ඉහත දී මෙවැනි චෝදනා ලද විදුහල්පතිවරු පාසලෙන් ඉවත් කොට පරීක්ෂණ සිදු කළ ද කොළඹ විශාකා විදුහලේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල සුවිශේෂ වරප‍්‍රසාදයක් බුක්ති විදීම විමතියට කරුණක් බවයි ලංකා ගුරු සංගමය නිවේදනය කරන්නේ.

2019 වසරේ පාසලට ළමුන් ඇතුළත් කිරිමේදී ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්ගේ ගණය යටතේ හා සහෝදර පදනම යටතේ, කාර්ය මණ්ඩල වලට අයත් තැනැත්තන්ගේ ළමුන්ගේ ගණය යටතේ පදිංචිය තහවුරු කිරීමේ ව්‍යාජ ලිපි ලේඛන ලබා ගැනීම මෙන්ම අධ්‍යාපන ලේකම්ගේ අංක 24/2018 චක‍්‍රලේඛයට පටහැනිව ලකුණු ලබාදීම ඇතුළු චෝදනා ගණනාවක් ඇයට එරෙහි චෝදනා පත‍්‍රයේ අන්තර්ගත බවයි එම සංගමය පවසන්නේ.

චෝදනා පත‍්‍රයේ 15 වැනි චෝදනාව වන්නේ රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීමෙන් ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආයතන සංග‍්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පරිච්ජේදයේ පළමු වන උපලේඛනයේ 10 වන වගන්තියට ගැනෙන වරදක් සිදු කිරීම බවයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයේ අවධාරණය කර ඇත්තේ.

"මේ වන විට අදාළ පරීක්ෂණය සඳහා පරීක්ෂණ නිලධාරියෙකු ද පත් කොට චෝදනා පත‍්‍රය ද ඉදිරිපත් කොට ඇති අවස්ථාවක ඇය එම පාසලේම කටයුතු කිරීම තුළ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් මෙන්ම ලිපි ලේඛන ද ඇයට පාලනය කළ හැකි තත්වයක පවතී. ඇය එම පාසලේ තබා ගනිමින් මෙම පරීක්ෂණය සිදු කිරීම ගැටලූකාරී තත්වයක් බව ලංකා ගුරු සංගමය විසින් රාජ්‍ය සේවා කොමිසමට මෙන්ම අධ්‍යාපන ඇමතිවරයාට ද ලිඛිතව දැනුම් දී ඇත."

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ම චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කි‍්‍රයාවලියක් පවතින අවස්ථාවක 2021 වසරට අදාළව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ කටයුතුවලට ඇය සම්බන්ධ වී සිටීම බරපතල අනීතික තත්ත්වයක් බවද ලංකා ගුරු සංගමය වැඩි දුරටත් නිවේදනය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න