තවත් සුවවිරුවන් පිරිසක් වැඩවර්ජනයකට : මෙවර PHI !

තවත් සුවවිරුවන් පිරිසක් වැඩවර්ජනයකට : මෙවර PHI !

මහජන සෞඛ්‍ය පරීක්ක්ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් දැනට යෙදී සිටින අත්‍යවශ්‍ය සෞඛ්‍ය රාජකාරිවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වීමට සිදුවනු ඇති බව ඒම සංගමය අනතුරු අඟවයි. කොරෝනා වසංගත මර්දනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බිම් මට්ටමින් ඉටුකරනු ලබන රාජකාරීවල දී මතුව ගැටලු නිරවුල් කර දෙන්නැයි සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් තවමත් එම ගැටලු විසඳී නොමැති නිසා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී.යූ උපුල් රෝහණ ප්‍රකාශ කරයි.

තම සංගමයට පවතින නෛතික ගැටලු විසඳාදීමට බලධාරීන් එකඟ වුවත් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබා දී නැතැයි ද සභාපතිවරයා සඳහන් කළේය. මේ වනවිටත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින නෛතික ගැටලු ලෙස නිරෝධායන, රෝග ස්පර්ශකයන් වෙන්කරතැබීම, බෝ වන රෝග පනතේ පරීක්ක්ෂකවරුන් පත්කිරීම හා එම පනතට රෙගුලාසි සකස් කර නීතිගත කිරීම වැනි ගැටලු උද්ගතව තිබේ. ඒසේම එළඹෙන මැතිවරණයට අදාළව පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ද ඇතුළත්ව සාමාන්‍ය ජීවිතය කරා රට ගමන් කිරීමට අදාළව ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් කඩිනමින් ඉටුකළ යුතු බව බලධාරීන්ට බලකර සිටින්නට ඒම සංගමය සූදානම්ය.

එවැනි අත්‍යවශ්‍ය නෛතික ප්‍රතිපාදන හා මහජනාය දැනුවත්කළ යුතු මාර්ගෝපදේශ නොමැතිව රාජකාරී කරන්නට යාමේදී තමන් විවිධ ගැටලුවලට මුහුණ දෙන බව ද සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න