ආචාර්ය ජයන්ත ධනපාල, ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බව ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල, ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ එක් අයකු ලෙස පත්කරනු ලැබ සිටියේ ය.
සෞඛ්‍ය හේතුන් මත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවත් ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසුරිය වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
