ප්‍රකාශයක් දෙන්න CID ය රනිල් කැඳවයි : සිකුරාදා එනවා රනිල් දින දෙයි !

ප්‍රකාශයක් දෙන්න CID ය රනිල් කැඳවයි : සිකුරාදා එනවා රනිල් දින දෙයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID )  විසින්  ප්‍රකාශයක්  ලබාගැනීමට හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

 
ඒ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු ජනාධිපති සහ අගමැති වෙතින් ප්‍රකාශ ලබාගැනීමට නීතිපති නිකුත්කළ නියෝගයක්, වැඩබලන පොලිස්පති හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබීම හේතුවෙනි.
 
ඊයේ (28) දුරකතන ඇමතුමක් ලබාදී මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  පළමුව හිටපු අග්‍රාමාත්‍ය වෙත සඳහන් කර ඇති බවත් ඒ අනූව මෙම සතිය තුළ අදාළ ප්‍රකාශය ලබාගැනීමට අවශ්‍ය බව දන්වා ඇති බවත් වාර්තා වෙයි.
 
ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය පවසා ඇත්තේ එළැඹෙන සිකුරාදා (ජූලි 03) පෙරවරු 10.00 ට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවය.
 
එහෙත් යළිත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය අමතා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිකුරාදා ට පෙර දිනයක අදාළ ප්‍රකාශය ගතයුතු බව පවසා ඇති බවත් වාර්තා වෙයි.
 
එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය දන්වා ඇත්තේ සිකුරාදාට පෙර දිනයක් අවශ්‍ය නම් එම දිනය ගැන පසුව දැනුම්දීමක් සිදුකරන්නම් කියාය.
 
එහෙත් අද (29) යළිත් ක්‍රියාත්මක වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙට (30) උදය වරුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.
 
එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය පවසා ඇත්තේ හෙට දිනයේ නුගේගොඩ නාලන්දාරාමය ඇතුළු විහාරස්ථාන කිහිපයක පෙර යොදාගත් නොවැළැක්විය හැකි කටයුතු කිහිපයක් ඇති බවත් එබැවින් හෙට පැමිණීමට නොහැකි බවය.
 
එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහගේ අත්සනින් යුතු ලිපියක් අද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නවසට සහ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් උත්සාහ දරා ඇත.
 
එහෙත් එම ස්ථානවල සිටි ආරක්ෂක අංශ නිලධාරීන් එම ලිපි භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙයි.
 
 රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු කළ සමයේ  බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව මීට පෙර පිහිටවූ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සිදුකළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න