රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විදේශ පාලන කාලය තුළ පවා බුදුදහම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබූ පසුබිමක වත්මන් පාලකයින්ට ඉන් මිදිය නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ගාල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේය.
සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අති ගෞරවනීය මහා නායක වරකාගොඩ ශ්‍රී ධම්මසිද්ධි පඤ්ඤානන්ද ඥාණරතනාභිදාන මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ වින්සත්වර්ගික ගරුතර සංඝ සභාව විසින් "ධර්මකීර්තී ශ්‍රී පියජෝති" යන ගෞරව නාම සම්මුතිය සහිත "ගාලු මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය" මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති ගරුතර පැලවත්තේ චන්දිම හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය ඊයේ (20) සවස එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුරතින් මණ්ඩලපුර මිහිඳු මහා විහාරස්ථානයේදී සිදුවිණි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ,"විහාර දේවාලගම් පනත සම්මත කරලා තියෙනවා. ඒකෙ විහාරවලට අයිති දේවල් විහාරවලට. දේවාලවලට අයිති දේවල් දේවාලවලට අයිතියි. අපි දෙන රත්තරන් බඩු සියල්ලම අයිති වෙන්නේ දේවාලවලට නැත්තන් විහාරවලට. ඒවාට අතගහන්න ගිහින් රටට මොකක් වෙයිද කියලා මම දන්නේ නෑ" යයි කියා සිටියේය.




