පොහොට්ටු මනාප පොරය මිලේච්ඡ අතට : දිලුම් - මහින්දානන්ද එළිපිට ගුටි කෙළියක !

පොහොට්ටු මනාප පොරය මිලේච්ඡ අතට : දිලුම් - මහින්දානන්ද එළිපිට ගුටි කෙළියක  !

මෙවර මහ මැතිවරණයට අදාළ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මනාප පොරය මිලේච්ඡ තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇත.

ඊට ආසන්න නිදර්ශනය   මෙවර මැතිවරණයට තරග කරන හිටපු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු තර ගැටුමක් ඇති වී තිබෙන බවට වන  ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තාව සාක්ෂි දරයි.

ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබෙන්නේ මහනුවර ප්‍රදේශයේදී යයිද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

දෙදෙනා අතර ගැටුම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවත් එක් හිටපු ඇමතිවරයකු තව පිස්තෝලය එලියට ගත්තද එහි උණ්ඩ තිබී නැති බවත් එම පුවත් වාර්තා මගින් වැඩි දුරටත් කියා සිටියි.
Screen Shot 2020 06 29 at 1.36.56 PMමහින්දානන්ද බේරුණේ  අනූ නවයෙන් !

මේ අතර 'ලංකා ඊ නිව්ස්' වාර්තා කර ඇත්තේ, ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ ට තම පුද්ගලික පිස්තෝලය ඇද වෙඩි තබා ඇති නමුත් එහි උණ්ඩ ඉවත් කර තිබීම නිසා පිස්තෝලය පත්තු නොවී ඇති අතර මහින්දානන්ද අනූ නවයෙන් බේරී ඇති බවයි.

එසේ නමුත් ඉන් පසු දිලුම් අමුණුගම මහින්දානන්දට දැඩි ලෙස පහරදී ඇති බව ද  'ලංකා ඊ නිව්ස්' වාර්තාවේ සඳහන් වේ.

'ලංකා ඊ නිව්ස්' වාර්තා කරන අන්දමට මහනුවර පොලිස් බල ප්‍රදේශයේ දී මෙම සිද්ධිය වී ඇති අතර සිද්ධිය වෙන අවස්ථාවේ දෙදෙනාම බීමත්ව සිට ඇත. සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන් දෙදෙනාම වැලකී තිබේ. 

එම පුවත් වාර්තාවට අනුව, ආරෝවට ආසන්න හේතුව වී ඇත්තේ මහින්දානන්ද ක්‍රිකට් තරඟ පාවාදීමක් ගැන පසුගියදා කළ හෙළිදරව්වෙන් පොහොට්ටු ඡන්ද ව්‍යාපාරයට අගතියක් වූ බවට දිලුම් අමුණුගම මහින්දානන්ද සමග ඇතිකර ගත් බහින් බස් වීමකි. 

එකම දිස්ත්‍රික්කයෙන් එකම ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන ඔවුන් දෙදෙනා ගෙන් මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු ලෙසත්,  දිලුම් අමුණුගම අගමැති මහින්ද රාජපක්ෂට අතිශයින් සමීප අයකු ලෙසත් සැලකේ.

මහවැලි රිච් හෝටලයෙන් කියන කතාව :

මෙම ගැටුම සිදුව ඇතැයි කියන මහනුවර 'මහවැලි රිච්' ප්‍රකාශයකු ගෙන් ද ලීඩර් වෙබ් අඩවිය  කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ , පසුගියදා හෝටලයේ 'බාර්' එකේ දී යම් නොසන්සුන්තාවයක් සිදුවූ බවයි.

'' දිලුම් අමුණුගම ඇමතිතුමා හොඳටම බිලා වැටිලා හිටියේ. ඒ වෙලාවේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමාත්, අනුරාධ ජයරත්න ඇමැතිතුමාත් එතනට ඇවිත් දිලුම් ඇමතිතුමාව උස්සගෙන යන්න හැදුවා. එත් බැරි වුනා .. පස්සේ එයාලා ගියා. ගහගත්තේ නැහැ .. එත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ගියාට පස්සේ නම් දිලුම් ඇමතිතුමා පිස්තොලේ අතට අරන් පොඩි සංදර්ශනයක් දැම්මා. '' 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න