රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව ලාල් ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයේ !

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව ලාල් ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයේ !

විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් වැඩි කරමින් නිකුත් කර තිබූ චක්‍රලේකය වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින් අහෝසි කිරීම තුළින් එම විශ්‍රාම වැටුප් වැඩිවී නතරවූ බැවින් වහාම එම වැඩි කළ විශ්‍රාම වැටුප ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන්, හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල කේ.ඒ.තිලකරත්න, හිටපු මුද්‍රණාලාධිපති ගාමිණී ෆොන්සේකා, විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ, රාජ්‍ය මුද්‍රණාලයේ විශ්‍රාමික සරත් ලාල් පෙරේරා  ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු නීතීඥ සුනිල් වටගල මඟින් ඊයේ (01) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු විසි දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු 3/2016 නමැති චක්‍රලේඛය මඟින් විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් වැඩි කිරීමට තීරණය කරළ බවය.

ඒ අනුව පසුගිය ජනවාරි මස විශ්‍රාම වැටුප සමග විශ්‍රාමිකයින්ට රුපියල් 10,000ක් දක්වා වැටුප් වැඩි වීමක් හිමිවීමට නියමිතව තිබූ බව ඔවූහු පෙන්වා දෙති.

එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නිකුත් කළ 35/2019 (3) නමැති චක්‍රලේඛය මඟින් විශ්‍රාමිකයන්ට වැඩි කරන ලද විශ්‍රාම වැටුප් වැඩිවීම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළ බව චෝදනා කරන පෙත්සම්කරුවන් ඒ තුළින් එක්ලක්ෂ දහදාහකට (110,000) අධික මෙරට විශ්‍රාමිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් කරයි.

ඒ අනුව විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණ ඉල්ලා සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න