පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා ඇති බව සඳහන් කරමින් රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පසුගිය 17වනදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව ඊට අදාළ නඩුව අද කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
