ආර්ථිකය කඩා වැටිලා : එජාප ආණ්ඩුවක් තුළින් සහන දෙන්න සූදානම් - රනිල්ගෙන් පොරොදුවක් !

ආර්ථිකය කඩා වැටිලා : එජාප ආණ්ඩුවක් තුළින් සහන දෙන්න සූදානම් - රනිල්ගෙන් පොරොදුවක් !
වත්මන් රජය යටතේ රටේ ආර්ථිකය කඩා වැටීමකට ලක්ව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  පවසයි.
 
කොස්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
 
 එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ  එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු විදුලි හා ජල බිල්පත් සංශෝධනය කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බවය.
 
2015 ජනාධිපතිවරණය අවස්ථාවේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000කින් වැඩිකිරීම ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ රැසක මිල සහනය සම්බන්ධව එවකට විපක්ෂ නායක ලෙස ඔහු මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූ අතර ආණ්ඩුව පත්ව දින 100 ය වැඩපිළිවෙළ තුළ ඒ පොරොන්දු ඉටුකරනු ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න