පාතාලයට අවි ගියේ ගිනිගත් අවි ගබඩාවකින් ?

පාතාලයට අවි ගියේ ගිනිගත් අවි ගබඩාවකින් ?

පාතාල සාමාජිකයන්ට අයත් බව කියැවෙන හෝමාගම අවි ගබඩාවෙන් මේ වන විට ලැබී ඇති අවි ආයුධ සියල්ල පසුගිය කාලයේ ගිනිගනු ලැබූ ආරක්‍ෂක අංශයට අයත් අවි ගබඩාවක තිබූ ආයුධ බවට ඒ සම්බන්ධයෙන් පවත්වන අංශවලට සැකමතුව තිබේ.

මෙම අවි ආයුධ සියල්ලේම අනුක්‍රමික අංක මකා දමා ඇති බව දැනට සිදුකරගෙන යන පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මේ අයුරින් අදාළ ගිනිගත් අවි ගබඩාවේ තිබූ තවත් අවි ආයුධ විශාල ප්‍රමාණයක් පාතාල සාමාජිකයන් අතට පත්වී ඇති බවට වූ සැකයක් පරීක්‍ෂණ පවත්වන අංශවලට ලැබී ඇති බව කියැවෙයි.

ඒ අනුව ඉදිරියේදී නිශ්චිත වශයෙන්ම මෙම අවි ආයුධ තොගය ලබාගෙන ඇත්තේ ආරක්‍ෂක අංශවල ගිනිගත් කුමන අවි ආයුධ ගබඩාවකින්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වනු ඇති බව දැනගන්නට ඇත.

(මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න