නීතිපතිගේ කතාව මැද වැඩ බලන පොලිස්පතිට නැගිට ගිහින් !

නීතිපතිගේ කතාව මැද  වැඩ බලන පොලිස්පතිට නැගිට ගිහින් !

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කර ඇත.

පසුගිය සිකුරාදා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති රැස්වීමකදී නීතිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

මෙම රැස්වීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද සහභාගී වී සිටි නමුත් නීතිපතිවරයා සිය කතාව ආරම්භ කොට මොහොතක් ගත වන විට වික්‍රමරත්න මහතා රැස්වීමෙන් පිටව ගොස් ඇති බව පැවසේ.

මෙහිදී පැය 2ක් පුරා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ඇතැම් නිලධාරීන්ගේ කටයුතු විවේචනය කර ඇති නීතිපතිවරයා ඉහළ නිලධාරීන් නිතර නිතර පහළ නිලධාරීන් පීළිබදව සෙවිල්ලෙන් සිටින්නේ නම් මෙම තත්ත්වය අවම කරගත හැකි බවද පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉතාමත් හොද නිලධාරීන් සිටින බවද කී නීතිපතිවරයා සුලු පිරිසකගේ අවක්‍රියා හේතුවෙන් සමස්ත කාර්යාංශයේම නම කැත වී ගිය බවද පෙන්වා දී ඇත.

(මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න