පොහොට්ටු ශ්‍රිලනිප වේදිකාවේ මරා ගනියි : දයාසිරිගෙන් ප්‍රසන්නට ප්‍රතිප්‍රහාර !

පොහොට්ටු ශ්‍රිලනිප වේදිකාවේ  මරා ගනියි : දයාසිරිගෙන් ප්‍රසන්නට ප්‍රතිප්‍රහාර !

එක්සත් ජාතික පක්‍ෂය සමග දේශපාලන ඩීල් දමාගත් පොහොට්ටුවේ ඇතැමුන් මේ දිනවල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් යූ.එන්.පීයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.


''මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා'' යයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු ඇතැම් 'පොහොට්ටු' නායකයින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, ඔහු එබව සඳහන් කළේ කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක් වෙමිනි. 

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර එහිදී මෙසේ ද සඳහන් කළේය.

''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපලනඥයින් බහුතරයක් දේශපාලනයේ ඉඳුල් කට ගෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පිංසිද්ධ වෙන්නයි ඔවුන් අද ඔය තැන්වල ඉන්නේ. නමුත් සමහරුන්ට ඒක මතක නැහැ. ඔවුන් අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සහ පක්‍ෂයේ නියෝජිතයින්ට නින්දා අපහාස කරමින් හරිම ලැජ්ජා නැති විදිහට හැසිරෙනවා.

මම පහුගිය දවසක දැක්කා ගම්පහ පැත්තේ කඳ බඩ ලොකුවට තියෙන හාදයෙක් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ගෑවුන කෙනකුටවත් ඡන්දේ දෙන්න එපා කියලා ජනතාවට කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉඳගෙන පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන අපි ගැනනේ ඒ කියන්නේ. ඉතිං මොකටද මේ වහෙන් ඔරෝ කතා කියන්නේ.

''කඳ බඩ ලොකුවට තිබුණට වැඩක් නැහැ ඔළුව ඇතුළේ මොළෙත් ටිකක් හරි තියෙන්න ඕන. ඒක නැති වුණාම තමයි මෙහෙම වැඩ කරන්නේ. මේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එහි නියෝජිතයන් විවේචනය කරමින් දේශපාලන පොරවල් වෙන්න පුළුවන් කියලා සමහරු හිතාගෙන ඉන්නවා. ලබන මැතිවරණයේදී රටේ ජනතාව ඔවුන් ගැන නිවැරදි තීන්දුවක් ගනීවි.''

යූ.එන්.පියේ කොන්ත්‍රාත් එකක් !

අද පොහොට්ටුවේ සමහරුන්ට එක්සත් ජාතික පක්‍ෂයත් සමග දේශපාලන ඩීල් එකක් තියෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලය නොලැබුණොත් එක්සත් ජාතික පක්‍ෂයත් ඈඳාගෙන ආණ්ඩු හදන්න සමහරුන්ට සිහින තිබෙනවා. අපිට මඩ ගහන්නේ ඒකයි. ඔවුන් මේ කරන්නේ යූ.එන්.පියේ කොන්ත්‍රාත් එකක්.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගැන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට වත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වත් ගැටලුවක් නැහැ. නමුත් පැත්තක ඉන්න සමහරුන්ට තමයි ලොකු අමාරුවක් හැදිලා තියෙන්නේ. ඒකයි මේ බොරුවට කෑ ගහන්නේ.

මාධ්‍ය හරහා හිටපු ජනාධිපතිතුමාව විවේචනය කරලා අපිට මඩ ගහලා ඔවුන් රටටම පෙන්නන්නේ තමන්ගේ අඳබාලකම හා දේශපාලන බංකොලොත්භාවයයි. කඳ බඩ ලොකුවට තිබුණට වැඩක් නැහැ ඔළුව ඇතුළේ මොළෙත් ටිකක් හරි තියෙන්න ඕන. ඒක නැති වුණාම තමයි මෙහෙම වැඩ කරන්නේ. මේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එහි නියෝජිතයන් විවේචනය කරමින් දේශපාලන පොරවල් වෙන්න පුළුවන් කියලා සමහරු හිතාගෙන ඉන්නවා. ලබන මැතිවරණයේදී රටේ ජනතාව ඔවුන් ගැන නිවැරදි තීන්දුවක් ගනීවි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න