කොරෝනා නිසා සංචාරයට අනාරක්ෂිත රටවල් ගොන්නට ලංකාවත් !

කොරෝනා නිසා සංචාරයට අනාරක්ෂිත රටවල් ගොන්නට ලංකාවත් !

කොරෝනා වයිරසය හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් ගොන්නට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට අයත් නොවන රටවල් කිහිපයක ලැයිස්තුවක් බ්‍රිතාන්‍ය පසුගිය සතියේදී ප්‍රසිද්ධියට පත්කළ අතර ශ්‍රී ලංකාව ඊටද ඇතුළත් නොවීය. 

ඒ අනුව නිදහස් කරන ලද රටවල සිට බ්‍රිතාන්‍යට පැමිණෙන සංචාරකයන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යටත් නොවන බව බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ කාර්යාලය සඳහන් කළේය.
බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ කාර්යාලය ඉකුත්දා (4) යාවත්කාලීන කිරීම් කළ අතර ගෝලීය සංචාරක උපදෙස් මාලාවක් ද නිකුත් කළේය.

බ්‍රිතාන්‍ය වැසියන්ට සංචාරයට සුදුසු සෞඛ්‍ය අවදානමක් නොමැති රටවල් ලැයිස්තුවක් එම කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි.

යුරෝපයේ, ඇමෙරිකානු කලාපයේ, ආසියා ශාන්තිකර කලාපයේ, අප්‍රිකානු සහ ඇන්ටාක්ටිකා කලාපයේ රටවල් ඊට අයත් විය. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, සිංගප්පූරුව, ප්‍රංශය , ග්‍රීසිය, ඉතාලිය සහ ජර්මනිය යන රටවල් බ්‍රිතාන්‍ය වැසියන්ට සංචාරයට ආරක්ෂිත රටවල් ගොන්නට ඇතුළත්ව ඇත.

(ලංකාදීප )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න