කොරෝනා භීතිය රජයේ මුද්‍රණාලයටත්: සේවකයින් ගෙදර යවයි

කොරෝනා භීතිය රජයේ මුද්‍රණාලයටත්: සේවකයින් ගෙදර යවයි

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු වීමත් සමග බන්ධනාගාරයට මායිම්ව තිබෙන රජයේ මුද්‍රණාලයේ කටයුතු නවතා සේවකයින්  නිවෙස් වෙත යැවීමට කටයුතු කර  ඇත.

රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලධිපතිනිය ගේ සැමියා බන්ධනාගාරයේ ඉහල නිලධාරියකු වන අතර  ඇය හා පවුලේ සාමාජිකයින් පදිංචිව සිටින්නේ ද බන්ධනාගාරය තුළ  පිහිටි නිල නිවසනයක් තුලය. 

බන්ධනාගාරයෙන් හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කෙසේවුවද රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලධිපතිනිය මේවනවිටත් රාජකාරි කටයුතු වල නිරතව සිටින බවත්,  මේ දක්වා පීසීආර් පරීක්ෂණයට නොමැති බැවින් මුද්‍රණාල සේවකයින් දැඩි බියකින් පසුවන බවත් එහි වෘත්තීය සමිති ප්‍රධානියකු පැවසිය.

(ද ලීඩර්)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න