සමගි ජනබලවේගයට කොළ පාටත් නැතිවෙන ලකුණු !

 සමගි ජනබලවේගයට කොළ පාටත් නැතිවෙන ලකුණු !

එක්සත් ජාතික පක්ෂයේ වර්ණය වන කොළ පාට, සමගි ජන බලවේගය පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් භාවිත කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්  විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වෙයි.

එහිදී එජාප මහ ලේකම් පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ වර්ණය කොළ පාට වන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ වර්ණය නිල් පාට වන බවත්ය.

සමගි ජන බලවේගය නිල් පාට වෙනුවට කොළ පාට භාවිත කිරීම චේතනාන්විතවම එක්සත් ජාතික පාක්ෂිකයින් නොමඟ යැවීමක් බවත් එම ලිපියෙහි සඳහන්කර ඇති බවත් වාර්තා වෙයි.

සමගි ජනබලවේගය පක්ෂයේ මේ ක්‍රියාව  එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට බරපතළ අගතියක් සිදු වන බවත් එම නිසා ඒ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවධානය යොමු කර එක්සත් ජාතික පක්ෂයේ වර්ණය සමගි ජන බලවේගය භාවිත කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් අදාළ ලිපියෙන් ඉල්ලා ඇති වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න