හම්බකළ ආකාරය කියන්න අමාරු : විමල්ගේ නඩුවට දින නියමවෙයි !

හම්බකළ ආකාරය කියන්න අමාරු : විමල්ගේ නඩුවට දින නියමවෙයි !

අමාත්‍ය විමල් වීරවංශ ට එරෙහිව ගොනුකර තිබෙන අයතා ඉපයීම් සම්බන්ධ නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08) නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වන දා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.

2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75ක ට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශ ට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න