ආයතන දෙකක් සඳහා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් දුෂ්කර අඩියකට !

ආයතන දෙකක් සඳහා  රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් දුෂ්කර අඩියකට !

රාජ්‍ය ආයතනවල  සේවක වැටුප් ගෙවීමේ බරපතළ අර්බුදයක් මතුව ඇති බව වාර්තා වෙයි.

නිශ්චිත ආයතන දෙකක් සම්බන්ධව මේ වන විට කරුණු අනාවරණය වී ඇති අතර ඒ කන්තලේ සීනි සමාගම සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ය.

මෙහිදී කන්තලේ සීනි සමාගමේ සේවකයින් 34 දෙනෙකුට මාස 06 ක වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 10.2 ක මුදලක් ලබාදෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.

එම සේවකයන්ට ඉකුත් අප්‍රේල් මස සිට ලබන සැප්තැම්බර් මාසය දක්වා වැටුප් ගෙවීමට මෙම මුදල ඉල්ලා තිබේ.

කන්තලේ සීනි සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට රජය මීට වසර ගණනාවකට පෙර සිටම තීරණය කර තිබුණද මෙතෙක් ආයෝජකයෙකු සොයා ගැනීමට නොහැකි වී ඇත.

සීනි සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ආයෝජකයෙකු සොයා ගන්නා තෙක් මෙම සේවකයන් 34 දෙනා කාර්යමණ්ඩලයේ රඳවා ගැනීමටද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලත් පණ අදියි !

එසේම කොවිඩ් 19 වයිරසයත් සමඟ සංචාරක ව්‍යාපාරය අඩාලවීම හේතුවෙන් ආදායම් අහිමි වී ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා මහාභාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ද අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක පමණ මුදලක්ද වැයවනු ඇතැයි ගණන් බලා ඇත.

අරමුදලේ ස්ථිර සේවකයින් 2330 දෙනෙකුද , අනියම් හා ආදේශක සේවකයින් 230 දෙනෙකු පමණ ද සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්තා වෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වන තෙක්ම ඔවුන්ගේ වැටුප් හා නඩත්තු වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මාසිකව රුපියල් දහතුන් කෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මාසිකව ලබාදීමට අගමැතිවරයා තීරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න