වාහන ස්ටිකර් අපේක්ෂක රථයට සීමාවෙයි !

වාහන ස්ටිකර් අපේක්ෂක රථයට සීමාවෙයි !

සියලූම වාහන හා ත්‍රීරෝද රථවල අලවා ඇති පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර්, ඡායාරූප සහ විත්‍ර ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලීසියට උපදෙස් දී තිබේ.

වාර්තා වන ආකාරයට මේ උපදෙස් ඇතුළත්  නිවේදනයක් නිකුත් කරමින්  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  මේ බව දන්වා ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රීරෝ රථ ඇතුළු පෞද්ගලික වාහනවල අපේක්ෂකයන්, පක්ෂ ප්‍රවර්ධන වන ආකාරයේ වැකි,  සලකුණු සහ ඡායාරූප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි සැලකිල්ලට අරගෙනය.

එසේම තරග කරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් වාහනවල පෙර සඳහන් කළ ආකාරයේ ප්‍රදර්ශනය කිරීම, 1987 අංක 01 දරණ පාර්මේන්තු මැතිරවණ පනතේ 74 වන වගන්තිය යටතේ වරදක් බැවින් එවැනි දෑ අලවා ඇත්නම් වහාම ඉවත් කළ යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දන්වයි.

ඒ අනුව ඉහත දැක් වු ආකාරයේ ස්ටිකර් ඉවත් කිරීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයක් ම  ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂා සිදු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත හා කොට්ඨාස බාර පොලිස් නිලධාරීන් වෙත ද අවශ්‍ය උපදෙස් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.