Language Switcher

V2025

ශ්‍රී ලංකාවේ බිලියන 9150 ක තැන්පතු වෙළඳපොළ සෙලවෙයි :තැම්පත්කරුවන් අනාතයි !

මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කරමින් ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය (SDFR)  සහ ස්ථාවර ණය දීමේ පහසුකම් අනුපාතය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙලින් සියයට 5.50 සහ   සියයට 4.50 දක්වා අඩු කිරීමත් සමගම වානිජ්‍ය බැංකු සිය තැන්පතු පොලී අනුපාතයන්  2% කින් පමන අඩු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය සඳහා වූ පොළී දර්ශකය ඒකක 200 කින් අඩු කිරීම නිසා ස්ථාවර තැන්පතු ඉතිරි කිරීම් පොළී අනුපාත ඉතා ඉහල අගයකින් වාණිජ බැංකු විසින් අඩු කර තිබේ.

කොයිඩ් 19 වසන්ගත තත්වයට පෙර ශ්‍රී ලංකාවේ වාර්ෂික ස්ථාවර තැන්පතු පොළිය 9%ක්  වශයෙන් තිබුන අතර වසංගතය පාලනය කිරීමෙන් පසුව පොලී අනුපාත 8% ක ප්‍රමාණයකට පහත වැටුණි.

ජනාධිපතිගේ තර්ජනය :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තර්ජනය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව වානිජ්‍ය බැංකු සඳහා වූ සංචිත අනුපාතය 2% කින් අඩු කිරීම නිසා රුපියල් බිලියන 160  ක් පමණ වාණිජ බැංකුවට අතිරික්ත මුදලක් ලැබුණ අතර ඒ වන විටත් බිලියන 100 ක පමණ අතිරික්ත තැන්පතු ප්‍රමාණයක් බැංකු සතු විය.

රට අගුලු දැමීමත් සමග අපනයන වෙළඳපල පහත වැටීම නිසා දේශිය ව්‍යපාරිකයින් සහ නිෂ්පාදකයන් අර්බුදයකට ගිය අතර ඔවුන් සඳහා 4% ක පොලියකට  ක්‍රියාකාරී පිරිවැය (Operating cost) සඳහා ණය ලබා දෙන ලෙස රජය විසින් වාණිජ බැංකුවලට උපදෙස් දෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ  බැංකු වාර්ෂිකව ලබා දෙන ණය ප්‍රමාණය ණය බිලියන 250ක්   පමණ වේ.

තැන්පත්කරුවන් දැඩි අර්බුදයකට:

මෙම තීරණයත් සමග මිලියන 5 කට ආසන්න තැන්පත් කරුවන්, විශේෂයෙන්ම විශ්‍රාමිකයන් තමන්ගේ සේවක අර්ථසාධක අරමුදල සහ වෙනත් ආදායම් බැංකුවල තැන්පත් කර ලබා ගන්නා මාසික ආදායම ඉතාමත් අඩු ප්‍රමාණයකට සීමා වෙන අතර ජීවත් වීමට සරිලන ආදායමක් නොලැබීම නිසා ඔවුන්ගේ ජීවන රටාව අර්බූදයට යනු 
ඇත.

සංවර්ධනය වූ රටවල ණය පොළී  අනුපාතයන් තැන්පතු සඳහා 5% ,6% වන අතර අනෙකුත් රටවල එය උපරිම 10% ක මට්ටමක පවතී.

වානිජ්‍ය බැංකුවල දැනට පවතින අතිරික්ත මුදල් වෙළඳපළට මුදා හැරීමේ උපක්‍රමයක් ලෙස වාණිජ බැංකු පොළී අනුපාතයන් අඩු කිරීම මගින් බැංකු වලට යම් සහනයක් ලැබුණත් තැන්පත්කරුවන් දැඩි අර්බුදයකට යාම නොවැළැක්විය හැකි කරුණකි.

කර්මාන්ත කරුවන් දැඩි මූල්‍ය අර්බුදයකට:

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් තමන් සමග  ඉතිරි කිරීම් කරනු ලබන තැන්පත් කරුවන්ට දෙනු ලබන පොළියට 6%  7% ක අතිරික්තයක් (margin) එකතු කිරීම නිසා වානිජ්‍ය බැංකු බිලියන ගණන් ලාබ ඉපයුවත් මේ නිසා ව්‍යාපාරික ප්‍රජාව සහ කර්මාන්ත කරුවන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

රජය නීති පැනවිය යුත්තේ වාණිජ බැංකුවල ආන්තික එකතු කිරීම අවම වශයෙන් 3% 4% ක ප්‍රමාණයකට අඩු කර තැන්පත් කරුවන්ට සාධාරණ පොළියක් ගෙවීමය. 

මේ ආකාරයට තැන්පතු පොලී අනුපාතය අඩුවීම නිසා,

1 - තැන්පත් මුදල් අවිධිමත් මූල්‍ය ආයතන වෙත ගලා යාම.

2 - සාම්ප්‍රදායික බැංකු ක්‍රමයෙන් පරිබාහිරව ණය කලු කඩය වෙත මාරු වීම.

3 - විදේශීය ශ්‍රමිකයන් මුදල් මෙරටට ප්‍රේෂණය නොකර තමන් සේවය කරන රටේම රඳවා ගැනීම.

වැනි ක්‍රියාවන් නිසා ‍දිගුකාලීනව ශ්‍රී ලංකාවේ මුල්‍ය කලුකඩයක් නිර්මාණය වෙනවා ඇත.