මහජන ධනයේ ආරක්ෂකයන් ජවිපෙ - අනුර

මහජන ධනයේ ආරක්ෂකයන් ජවිපෙ - අනුර

අද රටේ පාලකයින් වංචා දුෂණ සිදුකිරීමට යම් ප්‍රමාණයකින් හෝ බියට පත්ව ඇත්නම් එයට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක , ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක  පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මහරගම  ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජවිපෙ නායක  පවසා සිටියේ, වසර 5ක් පුරා තම මන්ත්‍රීවරු 6 දෙනා පාර්ලිමේන්තුව තුළ සිය කාර්යභාර්ය ඉටුකර ඇති බවය.

ඒ සෑම මොහොතක්ම ජනතාව වෙනුවෙන් කැපකර ඇති බවත් පැවසු ඔහු , මහජනතාවගේ ධනයේ ආරක්ෂකයෝ ලෙස සෑම විටම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ බව ද පැවසීය.

ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවට ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණ බව ද පැවසු ඔහු , ජවිපෙට කතිරය ගසා පාර්ලිමේන්තු යැවු සියලු දෙනාගේ ගෞරවය රැක ඇතැයි ද කියාසිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න