මෙන්න තවත් කොරෝනා ප්‍රතිඵලයක් : හමුදා නිලධාරියකු සහ ඔහුගේ දරුවන් දෙදෙනාට කොරෝනා

මෙන්න තවත් කොරෝනා ප්‍රතිඵලයක් : හමුදා නිලධාරියකු සහ ඔහුගේ දරුවන් දෙදෙනාට  කොරෝනා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන කටයුතු සඳහා පැමිණි හමුදා නිලධාරියකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට ඊයේ (10) දින තහවුරු වී තිබේ. 

මෙම හමුදා නිලධාරියාගේ එක් දරුවකු 11 වෙනි වියේ පසුවන අතර අනෙත් දරුවා ට වයස අවුරුදු එක හමාරකි. 

 ඉකුත් ජූලි 01 වන දින මෙම හමුදා නිලධාරියා උපදේශන කඳවුරක් පැවැත්වීම සඳහා පිටව ගොස් ඇති අතර, ඊට පසු දින අනුරාධපුර ට පැමිණ ඇත. එහෙත් අදාළ කඳවුරට ගොස් නොමැති බවයි වාර්තා වූයේ. 

ඉන් අනතුරුව එම නිලධාරියා පවුලේ අවමගුල් කටයුත්තකට සම්බන්ධ වී ඇති බවද සඳහන්.

මෙම පුද්ගලයා රාජාංගනයේ යාය 05 ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, එකී මළගෙදර එම කලාපයේ යාය 03 ප්‍රදේශයේ පවත්වා ඇත. 

මීට අමතරව, සිය වැඩිමහල් දරුවා ඉකුත් ජූලි 6 සහ 7 යන දෙදින තුල රාජාංගනයේ ට්‍රැක් 01 ප්‍රදේශයේ පාසලක උපකාරක පන්ති සඳහා සහභාගී වී තිබේ. එම පන්ති වල ළමුන් 70 පමණ අධ්‍යාපනය ලැබූ බවට සඳහන්. 

කෙසේවෙතත්, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබෙන්නේ අවදානමක් සහිත සියළු පුද්ගලයන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත්, ඒ අනුව බරපතල අවදානමක් නොමැති බවත් ය.

 (LNB )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න