චම්පික රණවක හිරකරන සාක්ෂියක් !

චම්පික රණවක හිරකරන සාක්ෂියක් !

2016 වසරේ රාජගිරියේ දී සිදු වූ රිය අනතුරේදී එම ජීප් රථය පැදවූයේ තමන් නොවන බව හිටපු ඇමැති චම්පික රණවකගේ රියදුරා ලෙස කටයුතු කළ තුසිත  දිළුම් කුමාර පිලිගෙන ඇත.

විමර්ෂකයන් හමුවේ මේ බව එම රියදුරා පිලිගත් බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාජ් දිලීප පීරිස්  අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව දිලුම් තුසිත කුමාර නමැත්තාට ද අධිකරණය නොමග යැවීම යටතේ චෝදනා ගොනු කර ඇති අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතුවල සුදත් අස්මඩල යන අයට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

අදාල අනතුරෙන් බරපතළ තුවාල ලත් සන්දීප් සම්පත් නම් තරුණයා අදටද ආබාධිතව සිටින අතර ඔහු සමග තවත් යතුරු පැදියකින් ගමන් කල ඔහුගේ මිතුරකු සඳහන් කර ඇත්තේ එම ජීප් රථය පැදවූයේ චම්පික රණවක හිටපු ඇමැතිවරයා බව තමන් දෑසින් දුටු බවත් ඔහු සමඟ කථා කළ බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න