ජූලි 12 වනදා පස්වරු 12.12 ට සිටවූ ජොනීගේ පැළ 12 !

ජූලි 12 වනදා පස්වරු 12.12 ට සිටවූ ජොනීගේ පැළ 12 !
අද දින එනම් 2020 ජූලි 12 පස්වරු 12.12ට පැල 12ක් සිටවා කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා පැල දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ සමාරම්භක අවස්ථාවට වරාය හා නාවික කටයුතු,මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ගනේවත්ත ප්‍රදේශයේ දී පැවැත්විණි.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද දෙලක්ෂ පනස්දාහකින් ජයග්‍රහණය කිරිම නිමිත්තෙන් මෙම පැල දෙලක්ෂ පනස් දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.
 
මෙම ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 31,000ක් සහභාගී කරවාගෙන ඉදිරියේ දි ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සහභාගී විය.
 
පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කලාට පසුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැල ලක්ෂයක් සිටුවන බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මීට පෙර ප්‍රකාශ කර තිබුණි.මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා පලතුරු,ඖෂධීය ශාඛ ගෙවතුවල සිටු වීම සිදු කෙරෙනු ඇත.
 
මෙහි විශේෂත්වය වනුයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පැල සිටවීමේ ව්‍යාපෘතිය ආරම්භ විය.

IMG 20200712 WA0004

IMG 20200712 WA0005

IMG 20200712 WA0006

IMG 20200712 WA0007

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න