රජයේ පාසල් හා පිරිවෙන් හෙට සිට ලබන 17 වැනිදා දක්වා වසා දැමේ

රජයේ පාසල් හා පිරිවෙන් හෙට සිට ලබන 17 වැනිදා දක්වා වසා දැමේ

හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ඒ අනුව, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කරන ලදි.

මෙම තීරණය, සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින් ද අනුගමනය කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කර සිටී.

එසේ වුවද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

SCHOOL C 1000PX

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න