එජාප විරුද්ධ කිසිඳු පාර්ශවයක් සමඟ සන්ධානත් නෑ : ආණ්ඩුත් නෑ - පක්ෂ නායකගෙන් සහතිකයක් !

එජාප විරුද්ධ කිසිඳු පාර්ශවයක් සමඟ සන්ධානත් නෑ : ආණ්ඩුත් නෑ - පක්ෂ නායකගෙන් සහතිකයක් !

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කිසිඳු පාර්ශවයකට ආණ්ඩුවක් හැදීමට කිසිඳු අවශ්‍යතාවක් නැති බවත් එවැන්නකට උදව් ද නොකරන බවත් හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ ඊයේ (13) රත්මලාන ප්‍රදේශයේ පැවති ජනහමුවක අදහස් දක්වමින්ය.

ලංකා ඉතිහාසයේ සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස අවසන් මොහොතේ එකතුවූ බවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද එවැනි පක්ෂයක් බවත් එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම නිසා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පිරිස් සමග කිසිදු විටකදි සංධාන ගත නොවන බව අවධාරණය කල ඔහු අපහාස කිරීමෙන් ජන්ද නොලැබෙන බවත් එසේ ලැබෙනවා නම් තමන් උදේ සිට බැන බැන යන බවත් සඳහන් කර සිටියේය.

හිටපු අග්‍රාමාත්‍යවරයා මේ ආකාරයේ අදහස් දැක්වීමක් සිදුකර ප්‍රතිචාර දක්වා සිටියේ එජාප විරෝධී කොටස් ගෙන යන ජන්දයෙන් පසුව "පොහොට්ටු -එජාප " සන්ධාන කතාවටය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න