Language Switcher

V2025

CID ය එන්න කිව්වට රිෂාඩ් නොයයි : එන්න ජන්දයෙන් පසු දිනයක් ඉල්ලයි !

අද (ජුලි 20) පෙරවරු 9.30ට කොළඹ කොටුව නව මහලේකම් ගොඩනැගිල්ල පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක 03 වෙත පැමිණ පෙනී සිටින ලෙසට අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට නියෝගකර තිබුන ද ඔහු සිය නීතිඥයින් මාර්ගයෙන් ලිපියක් යවමින් අද (ජුලි 20) දිනයේ ඒමට නොහැකි බවත් මහ මැතිවරණයෙන් පසු දිනයක් ඒ සඳහා ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, වාණිජ අපරාධ විමර්ශන අංක 4හි ස්ථානාධිපති වන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක දීපානි මැණිකේ වෙත එම ලිපිය යොමුකර ඇති අතර එම ලිපිය අද උදැසන 9.15 බාරගත් බව බවට එහි පොලිස් නිලධාරියක් විසින් සිය අත්සන යොදා සහතික කර ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ලිපියක් නිකුත්කර තිබුනේ, පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාවේදී ඉන්සාෆ් අහමඩ් විසින් 'සිනමන් ග්‍රෑන්ඩ්' හෝටලයේ දී බෝම්බ පිපිරීමට අදාළව පොලිස්පතිතුමාගේ නියෝග පරිදි පවත්වා ගෙන පරීක්ෂණයෙදී අවස්ථානුගත කරුණු ඔහු  දන්නා බවට අනාවරණය වී ඇතැයි සඳහන් කරමිනි.

 මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ප්‍රකාශ සටහන් කිරීමට අවස්ථා තුනකදී දන්වා ඇතත් ඒ සඳහා නො පැමිණෙන ඇති බැවින් අද දිනයේ ද නොපැමිණියහොත් එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 172 වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් බව ද එම දැනුම්දීම මගින් අවධාරණය කර තිබිණ.

WhatsApp Image 2020 07 19 at 7.19.31 PM
අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 109 (6) වගන්තියට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිමි බලතල ප්‍රකාරව 2020 ජූලි 19 දින තම සේවාදායකයා වන බතියුදීන් අබ්දුල් රිෂාඩ් වෙත ඊයේ දිනයේ යොමු කරන ලද ඉහත ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්නගේ උපදෙස් මත නීතිඥ ඉශාන් ගමපාලගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට අද දිනයේ යොමුකර තිබු ලිපිය මගින් ඉල්ලා සිටින්නේ, පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව තම සේවාදායකයා ගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට දිනයක් ලබා දෙන ලෙසයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු වලට තම සේවාදායකයා මින් ඉහත දී ද සහයෝගය ලබා දී ඇති අතර විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා ද ඉදිරිපත් වී ඇති බව නීතිඥ ඉශාන් ගමපාලගේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත්කර ඇති ලිපිය මගින් පෙන්වා දී ඇත.

තම සේවාදායකයා මේ සම්බන්ධයෙන් දැනටමත් පැය දහයකටත් අධික කාලයක් ගත කරමින් ප්‍රකාශයක් ලබාදී බව ද ඔහු සිය ලිපිය මගින් සිහිපත් කර තිබේ. 

එම ලිපියේ තවදුරටත් මෙසේද සඳහන් වේ. 

ඔබ දන්නා පරිදි මාගේ සේවාදායකයා සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ නායකයා වන අතර එම පක්ෂය 2020 අගෝස්තු මස 05 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන ලියාපදිංචි දේශපාලන පක්ෂයකි. ඒවගේම මගේ සේවාදායකයා එම මැතිවරණයට ඉදිරිපත් වන  අපේක්ෂකයෙකි.

ඔබගේ කාරුණික අවධානය 2020 ජූලි 17 දිනැති මැතිවරණ කොමිසම විසින් එවන ලද ලිපිය වෙත යොමු කරමි.  

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කරනු වස් මැතිවරණ කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් ඔබවද දැනුවත් කර ඉල්ලා ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී මගේ සේවාදායකයාට බාධා කිරීමෙන් වලකින ලෙසට මෙන්ම, විමර්ශන කටයුතු පාර්ලිමේන්තු මැතිවරණය ඉකුත් වන තෙක් කල් තබන ලෙසත්ය. 

දැනට සිදුකරගෙන යන විමර්ශන කටයුතු වලට සහභාගී වීමට සහ සහාය වීමට මගේ සේවාදායකයා සිය කැමැත්ත ප්‍රකාශ කරන අතරම, මගේ සේවාදායකයා ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට දිනයක් ලබා දෙන ලෙසයි.''

මැතිවරණ කොමිසම විසින් ජූලි 17 දින වැඩබලන පොලිස්පති වෙත යොමුකර තිබු ලිපිය 

WhatsApp Image 2020 07 20 at 1.30.20 PM