Language Switcher

V2025

ලංකාව දූෂක දර්ශකයේ ඉහළට

ජාත්‍යන්තර දූෂණ විරෝධී ව්‍යාපාරයක් වන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂන්ල්’ මගින් නිකුත් කරන ලද 2017 දූෂණ සංජාතන දර්ශකය (CPI) අනුව ශ්‍රී ලංකාව ලකුණු 38 ක් ලබාගෙන 2017 වසරේ 95 වැනි ස්ථානයේ සිට 91 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවට 2016 සහ 2015 වසරවල පැවති දර්ශක ලකුණු පිළිවෙලින් 36, 37, වේ.

මේ අනුව 2016 ට සාපේක්ෂව දර්ශකයේ ලකුණු දෙකකින් ඉහළ මට්ටමක් අත්පත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත.

දකුණු ආසියානු කලාපයේ සාමාජික රටවල් අතුරින් ලකුණු 67 ක් ලබා භුතානය ඉදිරියෙන් සිටින අතර ඉන්දියාව (40), මලදිවයින (33), පාකිස්ථානය (32) නේපාලය (31), බංගලාදේශය (28), හා අෆ්ගනිස්ථානය (15) ක් ලෙස ලකුණු හිමිකරගෙන ඇත.

මෙම දර්ශකය මඟින් රටවල 180, රාජ්‍ය අංශය තුළ පවතින සංජානික දූෂණ මට්ටම අනුව ශ්‍රේණිගත කර ඇත.