ආශ්චර්යය දෝරේ ගලයි : ඒලියන්ත වයිට්ට සුපිරි ආරක්ෂාවක් !

ආශ්චර්යය දෝරේ ගලයි : ඒලියන්ත වයිට්ට සුපිරි ආරක්ෂාවක් !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ජනාධිපතිව සිටි සමයේ සිට ඔහුගේ පෞද්ගලික බෞත චිකිත්සක සෙල කටයුතු කරන වෛද්‍ය එලියන්ත වයිට් නැමැත්තාට ආරක්ෂක රථ දෙකක් සමග පොලිස් නිලධාරීන් 11 දෙනෙකුගේ සහ කාන්තා පොලිස් නිලධාරිණියන් දෙදෙනෙකුගේ ද ඇතුළුව 13 දෙනෙකුගේ ආරක්ෂාවක්ද ලබාදී ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි  අනාවරණය කරයි.

එලියන්ත වයිට් නැමැත්තා රජයේ නිලධාරියෙකු හෝ මහජන නියෝජිතයෙකුද නොන අතර කොරෝනා වසංගතය තත්වය නිසා සෞඛ්‍ය සේවාවන්හි අවශ්‍යතාවයන්ට ප්‍රතිපාදන ලබා දිය යුතු තත්වයක් තිබියදී, සෞඛ්‍ය කාර්යමණ්ඩලවල අතිකාල දීමනා, ප්‍රවාහණ පහසුකම් ලබාදීම ඇතුලු අත්‍යාවශ කරුනු ගණනාවක් අතපසු කරමින් සිටින ආණ්ඩුව වෛද්‍ය ඒලියන්ත වයිට් නැමැත්තා හට විශේෂ වරප්‍රසාද ලබාදීම කුමන පදනමක් මත ද යන්න ප්‍රශ්න කරමින් හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි  විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක්ද යොමු කර ඇත.

ලෑන්ඩ් කෘෂර් වර්ගයට අයත් KV 9302 අංක සහිත ජීප් රථය සහ මහේන්ද්‍රා වර්ගයට අයත් KQ 7360 අංක සහිත ජීප් රථය ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති අතර මිරිහාන පොලිසියට අනියුක්ත 61618 – ප්‍රධාන ආරක්ෂක නිලධාරී ජයසූරිය  යටතේ 57620, 94555, 92532, 83406, 93818, 345, 36849, 83377, 94128, 72994 අංක සහිත පොලිස් නිලධාරීන් සහ WPC 11360, WPC 10783 අංක සහිත කාන්තා නිලධාරිණියන් දෙදෙනා එලියන්ත් වයිට් නැමැත්තාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබේ.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යම කාරක සභික ලක්ෂ්මන් නිපුණ ආරච්චි  මේ සම්බන්දව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපිය යොමු කරමින් සඳහන් කරන්නේ ඉහත සදහාන් තොරතුරු පිළිබදව සොයා බලා රටේ ජනාධිපති ලෙස ක්‍රියා මාර්ගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න