ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ පාතාල නඩු පොත් 50 ක් අතුරුදහන් !

ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ පාතාල නඩු පොත් 50 ක් අතුරුදහන් !

ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබද සටහන් ඇතුළත් නඩු පොත් 50ක් අතුරුදන්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

තවත් නඩු පොත් 20ක පමණ පිටු ගලවා ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවත් වාර්තා වෙයි.

මෙම නඩු පොත් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

ඊට අනූව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘‘ආමි සම්පත්’’ නොහොත් සම්පත් චාමර නමැත්තා ඇතුලූ‍ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් නඩු පොත් මෙලෙස අතුරුදන්ව ඇති අතර   ආමි සම්පත් නමැත්තාට එරෙහිව පවතින නඩු වලට අදාළ බී වාර්තා ලේඛනද  අතුරුදන් වී ඇති බවයි අනාවරණය කරගෙන ඇත.

මෙම සැකකරුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවලට අදාළ ලිපි ගොනු ද අස්ථාන ගත වී ඇති අතර එම නඩු දීර්ඝ කාලයක් අධිකරණය හමුයේ කැදවා නොමැති බවද හෙළිව තිබේ.

2001 වසරේ සිට ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සිදුකළ විමර්ශන හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්වලට අදාළ සටහන් සහ තොරතුරු ඇතුළත් නඩු පොත් මෙලෙස අතුරුදන්ව ඇති බව වැඩිදුරටත් සඳහන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න