මාව 5 වෙනිදාට පෙර මරන්න හදන්නේ : ජගත් පුෂ්පකුමාර හැඬූ කඳුලින් ප්‍රසිද්ධියේ කියයි ! (වීඩියෝ )

මාව 5 වෙනිදාට පෙර මරන්න හදන්නේ : ජගත් පුෂ්පකුමාර හැඬූ කඳුලින් ප්‍රසිද්ධියේ කියයි ! (වීඩියෝ )
තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සිදුකර ඇත.
 
ඒ ප්‍රදේශයේ පැවති ප්‍රසිද්ධ මැතිවරණ රැළියක අදහස් දක්වමින් ය.
 
" ජගත් පුෂ්පකුමාර පරද්දන්න බෑ.. ඒ නිසා 5 වෙනිදට පෙර මරන්න සාකච්ඡා කළ  තැනක් සම්බන්ධව තමන්ට තොරතුරු ඇති බවත් ඔහු පැවසීය.
 
එහිදී ඔහු අවස්ථා කිහිපයකදීම තමන්ව ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව අවධාරණය කළේ වේදිකාවේ සිටි භික්ෂුන්ටද විශේෂ කොට ආමන්ත්‍රණය කරමින්ය.
 
තමන්ගේ තනතුර සඳහා මිනිහෙක් ඝාතනය කර ලබන තනතුරේ වටිනාකම කුමක්ද යනුවෙන්ද එහිදී ඔහු විමසීය.
 
කුමක් වුවත් තමන් අවසන් මොහොත දක්වා ජනතාවට කළ හැකි සෑම යුතුකමක්ම ඉෂ්ට කිරීමට සූදානම් බවත් ඔහු පැවසීය.
 
එහිදී හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
" මම අවුරුදු 25ක් දේශපාලනය කළා. මම unp කාරයන් සමග හැප්පුනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න කටයුතු කළේ. බිබිල ආසනය ජන්ද 20න් දිනන විට සොයිසා මහත්තයා හැපෙමින් වැඩ කළ නිසා 22000ක් වැඩි ජන්ද ගන්න හැකි වුනා. ජන්ද 3000ක් තිබූ බිබිල සුමේධා ජයසේන මහත්මිය ගොඩනැගූ නිසා 30000කින් දිනන්න හැකි වුනා. "
 
එසේම මොණරාගල 55000කින් දිනන්න හැකි වුණේ තමන් එය ගොඩනැගූ නිසා බවත් ඔහු පැවසීය. එමෙන්ම තමන් unp නොගිය බවත් තමන් කටයුතු කළේ ශ්‍රිලනිප ය වෙනුවෙන් මෙන්ම 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට ගනුලැබූ උත්සාහයත් ඔහු සිහිපත් කළේය.
 
 
පළමුව විජිතමුණි සොයිසා මහතා පැන්නූ අය දැන් තමන්ව පැන්නීමට ප්‍රයත්න දරන බවත් මේ කටයුතු නින්දිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
මේ සම්බන්ධව සිරස  නිව්ස් ෆස්ට් වීඩියෝව පහත දැක්වෙයි.

 
 
 
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න