ඇමති ධූර නැතුවූ අයට අලුත් තනතුරු !

ඇමති ධූර නැතුවූ අයට අලුත් තනතුරු !

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු හා සහකාර සංවිධායකවරුන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් පාර්ලිමේන්තුවේදී  පත්වීම් ලිපි ලබා ගත්තේය.

අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ මෙම තනතුරු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ තනතුරු වේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතා පත් කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සහ අසංක නවරත්න මහතා පත් කර ඇත.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න