පාඨලිට එරෙහි නඩුවේ ඉදිරිය මෙන්න !

පාඨලිට එරෙහි නඩුවේ ඉදිරිය මෙන්න !

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය සැප්තැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අදාළ  නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී  එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම අමාත්‍යවරයාගේ රියදුරු ලෙස ක්‍රියා කළ දිලුම් තුසිත කුමාර සහ සිද්ධිය වූ  වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියා කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල  අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

ඉන් අනතුරුව දිලුම් තුසිත කුමාර සහ සුදත් අස්මඩල විත්තිකරුවන්ට අදාළව පෙර නියම කළ ඇපයට අදාළ කොන්දේසි සපුරා ඇති ආකාරය විනිසුරුවරයා විසින් සලකා බැලු බවත් වාර්තා වෙයි.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා එවකට  අමාත්‍ය පාඨලී චම්පික රණවක  විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න