පාර්ලිමේන්තු යන්න චොකාට චාන්ස් එක !

පාර්ලිමේන්තු යන්න චොකාට චාන්ස් එක !

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (07) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

ඒ අනුව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදී .

2015 ජනාධිපතිවරණය සමයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ප්‍රේමලාල් ජයසේකර හට රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇත.

කෙසේවෙතත් මෙම දඩුවමට එරෙහිව අභියාචන පෙත්සමක් ගොනු කර ඇති බැවින් ඔහු සාමාන්‍ය රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුද්ගලයකු බවට පත් වන බව පෙත්සම්කරු පවසා සිටින අතර ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස්  සහ විනිසුරු සෝභිත රාජකරුණා  ඉදිරියේ කැදවනු ලැබුවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න