ලංකා ආර්ථික දැඩි අවධානමක : නවතම ෆිච් ශ්‍රේණිගත කිරීම මෙන්න !

ලංකා ආර්ථික දැඩි අවධානමක : නවතම  ෆිච් ශ්‍රේණිගත කිරීම මෙන්න !

ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම්වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා ඇත.

 දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය ගෙවීම හැකියාව මත සිදුකරන පුරෝකතනය මත මෙම  ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන අතර ඒ අනූව අර්ථ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට ණය ගෙවීම ඉදිරි කාල සීමාව වඩා අභියෝගාත්මක වනු ඇති බවය.

එමෙන්ම ඉදිරියේදී මෙරට විදේශ සංචිත තවදුරටත් පහත යනු ඇති බවත් බාහිර ණය ගෙවීම් දැඩි අවදානමක් ඇති බවත් මේ තුළ  පුරෝකතනය කර ඇත.

එසේම ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ccc යන  ශ්‍රේණියට හෝ ඊට අඩු ශ්‍රේණියක් සහිත රටවල ඉදිරි පුරෝකතන ෆිච් ආයතනය විසින් සිදු නොකරන බවය.

ඒ අනූව ලංකා ආර්ථිකය දැඩි අවධානමක ඇති බවත් නිවැරැදි ප්‍රතිපත්තියක් අනුගමනය නොකළහොත් පසුගිය සමයේ  ග්‍රීසියේ අත්දැකීමට සමාන තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි.

FB IMG 1606551357880

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න