දෙසැම්බර් 26 වැනිදා සිට ශ්‍රී ලංකාව වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට සූදානම් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා බලධාරීන්ට දන්වා තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අදාළ වානිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා වන උපදෙස් මාලාවන් ඉදිරියේදී නිකුත් කරන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පිහිටි කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපළ වෙත වානිජමය ගුවන් යානා (Commercial Flights ) සහ ස්ථිර කාළ සටහනකින් තොරව ගමන් ගන්නා (Charter Flights ) ගුවන් යානා සදහා සිය මෙහෙයුම් කටයුතු කිරීමට අවසර හිමි වීමට නියමිත බවද එම නිවේදනයේ සදහන් වෙයි.

