බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස දැනට බන්ධනාගාර කොමසාරිස් ධූරයෙහි සේවය කරන චන්දන ඒකනායක මහතා පත් කර තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැනට උද්ගත වී ඇති වාතාවරණය අනුව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සේවාවන් සම්බන්ධව කාලීන තොරතුරු විනිවිධභාවයකින් යුතුව සමාජගත කිරීම සදහා මෙලෙස පත් කර ඇත.
චන්දන ඒකනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අයෙක් වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් හා සාම අධ්‍යයනය උසස් ජාතික ඩිප්ලෝමාව හා රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි.

