Image

වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් වත්මන් රජය පැහැදිලිවම "ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්" (Zero Tolerance Policy) අනුගමනය කරනවා - විජිත හේරත්

වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් වත්මන් රජය පැහැදිලිවම "ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්" (Zero Tolerance Policy) අනුගමනය කරනවා - විජිත හේරත්

2026 ජූනි 15 සිට 24 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුවේ (SPT) විශේෂ සිව්පුද්ගල නියෝජිත පිරිස අද දින විදේශ, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී විශේෂ වැඩසටහනකට සහභාගී වුණා.

මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා අදහස් දක්වමින් විශේෂයෙන්ම, වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් වත්මන් රජය පැහැදිලිවම "ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්" (Zero Tolerance Policy) අනුගමනය කරන බව අවධාරණය කළේ ය. මෙම ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යවස්ථාදායක, පරිපාලනමය සහ ආයතනික පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති අතර, ඒවායේ ප්‍රගතිය අඛණ්ඩව ඉදිරියට යමින් පවතින බවද ඔහු කියා සිටියේ ය.

ශ්‍රී ලංකාව ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් නවයටම (09 core international human rights Treaties) පාර්ශවකරුවකු වූ රාජ්‍යයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම සංචාරය හරහා ස්වේච්ඡාවෙන් භාරගත් බැඳීම්වලට අනුකූල වීම ශක්තිමත් කිරීමට රජයට ඇති කැපවීම මනාව පිළිබිඹු වන බව සඳහන් කළේය. එමෙන්ම, මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමටත්, යහපාලනය ශක්තිමත් කිරීමටත් රජය සතු නොසැලෙන කැපවීම ඔහු මෙහි දී නැවත වරක් ස්ථිර කර සිටියේය. ශ්‍රී ලංකා රජය මෙම අනුකමිටුව සමග විවෘත, ඉදිරිගාමී සහ විනිවිදභාවයෙන් යුත් ආකාරයකින් කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම සියලු කටයුතු සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී වධහිංසාවට සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලට හෝ දඬුවම්වලට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලයට (OPCAT) අත්සන් තැබීමෙන් පසුව, එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව මීට පෙර 2019 අප්‍රේල් මාසයේ දී සිය ප්‍රථම සංචාරය මෙරටට සිදු කළේ ය. එහි දෙවන සංචාරය ලෙස අයිෂා ෂුජූන් මුහම්මද් ගේ (Ms. Aisha Shujune Muhammad - මාලදිවයින) ප්‍රධානත්වයෙන් යුතුව පැමිණි මෙම දූත පිරිස සමග පැවැති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ද සහභාගි වූහ. එමෙන් ම අදාළ රේඛීය අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය - විදේශ, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය

WhatsApp Image 2026 06 15 at 7.34.42 PM

WhatsApp Image 2026 06 15 at 7.34.42 PM 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න