Image

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ෂාන් විජයලාල් ගේ පුද්ගලික ලේකම්වරයෙකු අත් අඩංගුවට

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ෂාන් විජයලාල් ගේ පුද්ගලික ලේකම්වරයෙකු අත් අඩංගුවට

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති 2019 වර්ෂයේ රුපියල් මිලියන 16.5 ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින්

එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා දකුණු පළාතේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනකු වෙත එම මිල දී ගන්නා ලද පුටු 16361ක් නිවාස/ කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මගින් රජයට පාඩු සිදු කිරීම හේතුවෙන් දුෂණ වරද සිදු කිරීමේ චෝදනාව මත දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ශාන් විජයලාල් යන අයගේ පුද්ගලික ලේකම්වරයෙකු වූ වාච්චි හැන්නැදිගේ දයාපාල යන අය අද (15) පෙ.ව.11.00 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න