සමාජ මාධ්‍ය භාවිතයට රජයේ ලියාපදිංචි වීම අනිවාර්යය නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
එවැන්නක් අනිවාර්යය කිරීම භාෂණයේ නිදහසට එල්ල කරන දැවැන්ත පහරක් බවත් එහි අවධාරණය කර ඇත.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතා කිරීම සදහා පරිශීලකයන් රජයේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බව දැක්වෙන පුවත් කිහිපයක් ජනමාධ්‍ය තුලින් වාර්තාවීම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත.
සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමට, එම වෙබ් අඩවියන්හි ගිනුමක් පවත්වාගෙන යාම සදහා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ කිසිදු ලියාපදිංචියකට ලක් නොවිය යුතු බවත් එසේ ලියාපදිංචි වියයුතු නම් එය භාෂණයේ නිදහසට එල්ලකළ දැවැන්ත පහරක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂ ණ සංගමය දකින්නෙමු.
මාධ්‍ය වෙත ප්‍රකාෂ නිකුත් කිරීමේදී රජයේ අමාත්‍යවරුන් සැළකිලිමත්ව කටයුතු කිරීම සිදුකළයුතු බව අප සංගමය වැඩිදුරටත් පෙන්වා දෙමු.
රජීව් යසිරු
කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

