ප්‍රාදේශීය විදුලිය බිඳවැටීම් අවම කිරීමට කඩිනම් පියවර

ප්‍රාදේශීය විදුලිය බිඳවැටීම් අවම කිරීමට කඩිනම් පියවර

වැසි සහිත කාලගුණික තත්ත්වයන් යටතේ, නිතර සිදුවන දෛනික විදුලි බිදවැටීම් හැකිතාක් අවම කරමින්, විදුලි සැපයුම් යතා තත්ත්වයට පත් කිරීමටත්, අඛණ්ඩ හා ගුණාත්මක විදුලි සේවාවක් ලබාදීම සඳහාත් දීපව්‍යාප්ත විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බැවින්, විදුලි පාරිභෝගික පහසුව මුල් තැන්හිලා සලකමින් ක්‍රියා කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විදුලිබල නිලධාරීන්ට උපදෙස් ලබාදෙයි.

35,000 ක පමණ විදුලි පාරිභෝගික පිරිසක් ජීවත්වන මාතර, හක්මන විදුලි ඉංජිනේරු කාර්යාලයට අයත් කිරින්ද, පුහුල්වැල්ල, දෙයියන්දර, මුලටියන මෙන්ම දෙවිනුවර සහ තිහගොඩ යන ප්‍රදේශයන්ගේ විදුලි පාරිභෝගික ගැටළු පිළිබදව සාකච්ඡා කරමින් අද (21) පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කයේ හක්මන සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ප්‍රදේශයන්ගේ දෛනිකව විදුලි බිදවැටීම් සිදුවන බවත්, වර්ෂාව පවතින දිනයන්හිදී මෙම ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බවත් පැවසීය. මෙම ගැටළු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවති මෙම සංවර්ධන කමිටු රැස්වීමට ප්‍රාදේශීය සභාපතිතුමන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න