උත්සව සමය ලොක්ඩවුන් ද ?- හමුදාපති කියන කතාව මෙන්න !

උත්සව සමය ලොක්ඩවුන් ද ?- හමුදාපති කියන කතාව මෙන්න !

උදාවන නත්තල සහ නව වසර ආශ්‍රිත උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට මේ දක්වාත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද (22) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

“අපි මේ අවස්ථාවේ දී කිසිදු බලාපොරොත්තුවක් නැහැ මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරිනීතියක් පනවන්න හෝ අපි දැනට පනවපු නැති ප්‍රදේශවල අත්‍යාවශ්‍යතාවයක් හැරුණු කොට හුදකලා කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් එක්කම සංචරණ සීමා පැනවීමට අවශ්‍ය නෑ. නීති පැනවීමට අවශ්‍ය නෑ. රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. විශේෂයෙන් මේ ගැන අධ්‍යයන කරලා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගනී. ජනාධිපතිවරයාගේ උපදෙස් මත. මේ වෙලාවේ දී සංචරණ සීමාවක් පැනවීමට අවශ්‍යතාවයක් නෑ. ඕනෑම අවස්ථාවක එසේ පැනවීමට අවශ්‍ය වුවහොත් එය සිදුකිරීමට කටයුතු කරනු ලබනවා.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න