සතොස සභාපති වූ නුෂාඩ් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කටයුතු කර ඇත. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත බවත් වාර්තා වෙයි.
ඊට අදාළ හේතුව ලෙස වාර්තා වන්නේ කුප්‍රකට ජාවාරම්කාර සමාගමක් සමග එක්වී සිනී ජාවාරමෙන් රජයට රුපියල් කෝටි ගණනක් අලාබයක් සිදුකළ බවට පසුගිය දිනවල දී එල්ලවූ චෝදනාය.
ඒ අනුව සතොස වැඩබලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන පත්කර ඇත.
ලක් සතොස ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කරන නුෂාඩ් පෙරේරාට එම තනතුරින්ද ඉල්ලා අස්වන ලෙස වෙළඳ අමාත්‍යංශය විසින් දැනුම් දීමක් කර තිබේ.
නුෂාඩ් පෙරේරා මෙන්ම අදාල ජාවාරම්කරුවන් ජනාධිපතිවරයාගේ නම විකුණමින් වෙළඳ අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් බිය ගන්වමින් සිය ව්‍යාපාරික ජාවාරම් කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන ගොස් ඇත.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා ජනාධිපතිවරයා හමුවී ඒ සම්බන්යෙන් කරුණු දක්වමින් සිය කනස්සල්ල පළකර තිබිණ. ඒ අනුව සීනි ජාවාරමට සම්බන්ධ ජාවාරම්කාරයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් සොයා බලා තමා වෙත වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි අංශවලට උපදෙස් දී ඇතැයි ද වාර්තාවේ.

