නත්තල් හා අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික්වලින් පිටතට ගමන් කිරීම වළක්වමින් සංචරණ සීමා පනවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.
ඔවුන් මේ ඉල්ලීම සිදුකර සිටින්නේ කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම ඇතුළුව දිවයින පුරා ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙන පසුබිම සැළකිල්ලට ගනිමින්ය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ ආසාධිතයන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන බවත් එමෙන්ම හඳුනාගත නොහැකි මට්ටමින් ආසාදිතයන් සමාජයේ සැරිසරන බවත් ඔහු පෙන්වා දෙයි.
තවද කළුතර ගම්පහ දිස්ත්‍රික්කවලින්ද කොළඹට සමාන තත්ත්වයක් වාර්තා වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
කොවිඩ් ආසාදිතයන් 39000 පනියි !
මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබේ.
ඒ අතරින් 388 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වන අතර 18 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ය.
ඒත් සමගම මෙරට කොවිඩ් ආසාදිත සමස්ත ගණන 39,045ක් දක්වා ඉහළ ගොස් ඇත.

