උග්‍ර බැසිල් වාදියෙකු බව සඳහන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ විසින් සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහනක් සම්බන්ධව දැඩි ප්‍රතිචාරයක් ලංකා ලීඩ් නිව්ස් වෙතින් දක්වා ඇත.
ඒ "බැසිල් මැතිතුමනි ගෝඨාභය රාජපක්ෂ මැති තුමාගේ ජන වරම ආරක්ෂාකර ගැනීමට මේ “හරකා” ට මුඛ වාඩම් දමන්න!"යන සිරස්තලයෙන් යුතුවය.
අදාළ වෙබ් අඩවිය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ගේ උපදේශකයන් විසින් පවත්වාගෙන යන බව ප්‍රසිද්ධය.
පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින අනුගාමිකයකු වූ මහින්ද පතිරණට "හරකා" කියා අසාගැනීමට පාදක වූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

ස්ථිර මුස්ලිම් ජන්ද බැංකුවක් වෙන්න භූමිදාන අයිතිය දියයුතු බවට මහින්ද පතිරණ තැබූ සටහන !
මම මුස්ලිමුන්ට භූමිදාන අයිතිය දෙන්න කියන්නෙ පැහැදිලි දේශපාලන වුවමනාවට. ඔය ආගමික අයිතිය වගේ බයිල මට වැඩක්ම නැහැ. මට දැඩි විස්වාසයක් තියෙනව ගෝඨාභය මේ රට ගොඩ දානව කියල. ඔහුට ඒ අධිෂ්ඨානය තියෙනව. වැඩ පිළිවෙල තියෙනව. ඒත් වසංගතයත් එක්ක ගෝඨාභයට මුණ ගස්වල තියෙන්නෙ තීරණාත්මක අභියෝග ගොන්නක්. මේ වසංගතය ආර්ථිකය කරන බලපෑම යුද්ධය කළ බලපෑමට වඩා වැඩියි. යුද්ධය කාලෙවත් අපේ සංචාරක කර්මන්තය බිංදුවට වැටුනෙ නැහැ. ගාමන්ට් වහන්න වුනෙ නැහැ. විදෙස් ශ්‍රමික ආදායම් නැවතුනෙ නැහැ. ඒත් අද ඒ සේරම වෙලා.
මේ සේරම මැදිහත්ව තේරුම් ගන්න පිරිස් ලංකාවේ අද ඉතා විරලයි. ඒ නිසා එහි දේශපාලන මිළක් තිබෙනවා. ඒ මිළ ගෙවන ගමන් රට ගොඩ නගන්න වෙලා තියෙන්නෙ.
ගෝඨාභයට ඡන්දය දුන්න නාගරික මධ්‍යම පන්තියේ අති බහුතරය ගැන මම සත පහකට විස්වාස කරන්නෙ නැහැ. ඔවුන්ගේ දේශපාලනය මඩේ හිටවපු ඉනි වගේ. අනෙක ඔය ජාතිකවාදී කියල ලේබල් ගහගෙන ඉන්න සෙට් එක. අතිශයින්ම භයානක පිරිසක්. රොමැන්තික හීනවල තනිවෙලා ඉන්න මේ සෙට් එක දන්නෙ නැහැ ජාතිකවාදයේ ආර්ථික මොඩලය ධනවාදය කියල. ධනවාදයේත් අද තියෙන්නෙ නවලිබරල් පන්නය. මේකම පරස්පරයක්. ඉතිං ඔය ජාතිකවාදීනට “සෞභාග්‍යමත් හෙටක්” හදනකොට ධනවාදය ඇතුලෙ ගහන ගේම් සේරම ආණ්ඩුවට ගහන්න වෙනව. ධනවාදය කියන්නෙ පැකේජ් එකක් නෙ. කෑලි කඩල ගන්න බැහැ. ඉතිං ඒ “සෞභාග්‍යමත් හෙට” හැදුවෙ නැත්නම් මේ සෙට් එක ගෝඨාභයට බනිනව “අයියො කෝ ගෝඨාභය ආර්ථිකය හැදුවද? හාල් අච්චරයි පොල් මෙච්චරයි” කියල. “පඩි වැඩි කළේ නැහැ”, බිස්නස් නැහැ” වගේ කතා. හැබැයි ඒ ගේම ගහනකොට ඔය නාගරික පන්තියේ සියළු සිතුවිලිවලට එකඟවත් කරන්න ඕන. නැත්නම් විසුමක් නැහැ. හැබැයි ඒ අයගේ සිතුවිලියි ඔය ධනවාදයයි කියන්නෙ ම පරස්පරයක්. ඔන්න පටන් ගන්නව ගෝඨාභය කැලෑ එළිකරනව, මස් ෆැක්ටරි දානව වගේ දේවල් ඉස්සරහට දාලා. PPP වගේ දේවල්වලට විකුණනව කියල නම් කරල බනිනව.
ඉතිං මේ සේරම කරනකොට, මුල ඉඳල මේ වසංගතය මැද්දෙන් යහපාලුවන් විනාශ කරපු ආර්ථිකයක් කරේ තියන් දුවනකොට ඔය 69 ලක්ෂෙ අර කියපු ලඟචූන් නාගරික, අතරමැදි පිරිසෙන් කොටසක් හැලෙනව. කාර් අනං මනං පූජා කරන්නෙ නැති හින්ද සමහර හාමුදුවරුවරුත් හැලෙයි. ඔය දැනුත් වෙලා තියෙන්නෙ. අන්න එතෙන්දි අපට ස්ථිරසාර ඡන්ද බැංකුවක් අවශ්‍යයි. මං හිතන්නෙ මුස්ලිම් ඡන්ද අපට එවැනි විභවතාවක් පෙන්වන තැනක්. වසංගත කාලෙ මේක කොහොමහරි වත්තම් කරගෙන ගිහිල්ල ඒ අතර හැලෙන ඡන්ද ටික හැලෙන්න ඇරල, ඒ හැලෙන ඡන්ද ටික වෙනුවෙන් කවුරුහරි එකතු කරගෙන ආණ්ඩුව කරල මීයො අල්ලනව නම්, පූසා ප්ලාස්ටික් වුනත් මොකද කියල අවසානයේ ගෝඨාභය මේ රටේ ආර්ථිකය උස්සල තිබ්බොත් එහි ප්‍රතිලාභ මේ මුළු රටටමයි. ගෝඨාභය ඒක කරන බව විස්වාසයි.
බැසිල්ගේ අනුගාමික මහින්ද පතිරණ "හරකා" කළ විමල්ගේ ජාතිවාදීන්ගේ ප්‍රහාරය !
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතාව සමාජය හඳුනන්නේ දැඩි “බැසිල් රාජපක්ෂ වාදියෙකු” ලෙසයි. සමහරුන්ගේ විග්‍රහයට අනුව මහින්ද පතිරණ මහතා ලවා බැසිල් රාජපක්ෂ මහතා තමන්ට අවශ්‍යය දේ කියවා ගනී. කෙසේ වුවද අපි එතරම් අන්තවාදී අන්තයන්ට තල්ලු වීමට සූදානම් නැත.
එහෙත් මහින්ද පතිරණ මහතාට එරෙහිව සමාජ ජාලා හරහා එල්ල වන පිලිකුල් ප්‍රතිචාර හේතුවෙන් ඒ මහතාගේ ක්‍රියා කලාපයන් පිළිබඳව අවදියෙන් සිටියෙමු. එහිදී අපට දැක ගත හැකි වූයේ මහින්ද පතිරණ මහතා ඉතාම නිර්ලජ්ජිත ලෙස ගෝඨාබහය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අතිවිශාල දායකත්වය දැක්වූ සමාජ කොටස් සමච්චලයට අවමානයට භාජනය වන ලෙස මතවාද සමාජගත කරමින් සිටින බවයි.
අනෙක් අතට මුස්ලිම් අන්තවාදී කොටස් උත්තේජනයට පත්වන ආකාරයේ ක්‍රියා මාර්ග වලට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හැඟවෙන ආකාරයේ මතවාද පතුරුවමින් සිටී. ඔහු විසින් ඔහුගේ “ෆේස් බුක් ” පිටුවේ තැබූ සටහනක් ආරම්භ වන්නේ “මම මුස්ලිමුන්ට භූමිදාන අයිතිය දෙන්න කියන්නෙ පැහැදිලි දේශපාලන වුවමනාවට. ඔය ආගමික අයිතිය වගේ බයිල මට වැඩක්ම නැහැ.” යනුවෙනුයි. එම සටහන ඔහු අවසන් කරන්නේ ඔහු විශ්වාස කරන ක්‍රියාමාර්ග වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෙනී සිටිනවා (නැතහොත් පෙනී සිටවනවා) යන අධිෂ්ඨානය ඇතිවයි.
ඔහුගේම වචන තවත් ස්ථානයක “ෆේස් බුක්”පිටුවේ සටහන් වන්නේ ” මුල ඉඳල මේ වසංගතය මැද්දෙන් යහපාලුවන් විනාශ කරපු ආර්ථිකයක් කරේ තියන් දුවනකොට ඔය 69 ලක්ෂෙ අර කියපු ලඟචූන් නාගරික, අතරමැදි පිරිසෙන් කොටසක් හැලෙනව. කාර් අනං මනං පූජා කරන්නෙ නැති හින්ද සමහර හාමුදුවරුවරුත් හැලෙයි. ඔය දැනුත් වෙලා තියෙන්නෙ. අන්න එතෙන්දි අපට ස්ථිරසාර ඡන්ද බැංකුවක් අවශ්‍යයි. මං හිතන්නෙ මුස්ලිම් ඡන්ද අපට එවැනි විභවතාවක් පෙන්වන තැනක්. වසංගත කාලෙ මේක කොහොමහරි වත්තම් කරගෙන ගිහිල්ල ඒ අතර හැලෙන ඡන්ද ටික හැලෙන්න ඇරල, ඒ හැලෙන ඡන්ද ටික වෙනුවෙන් කවුරුහරි එකතු කරගෙන ආණ්ඩුව කරල මීයො අල්ලනව නම්, පූසා ප්ලාස්ටික් වුනත් මොකද කියල අවසානයේ ගෝඨාභය මේ රටේ ආර්ථිකය උස්සල තිබ්බොත් එහි ප්‍රතිලාභ මේ මුළු රටටමයි. ගෝඨාභය ඒක කරන බව විස්වාසයි.” ලෙසයි.
මේ වන විට මහින්ද පතිරණ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් පොදු ජන එක්සත් පෙරමුණ තුළ සිටින පලාත් පාලන, හිටපු පලාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරද දැඩි කතාබහක් මෙන්ම දැඩි විරෝධයක්ද එල්ලවී තිබෙන බව අප වෙත වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහ මහ මැතිවරණයෙදී පොදු ජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණ වෙනුවෙන් ඇප කැප වුනු විවිධ පිරිස් වෙතින් අදහස් විමසීමක් කළෙමු. එහිදී එම සියලු කොටස් වල පොදු අදහස වූයේ බැසිල් රාජපක්ෂ මහතා මැදිහත්වී වහාම “හරකාට” මුඛවාඩම් බැඳිය යුතු බවයි.

