එළියට දැම්මා නෙවෙයි මම ගියා - හිටපු සතොස සභාපති නුෂාඩ් පෙරේරා !

 එළියට දැම්මා නෙවෙයි මම ගියා - හිටපු සතොස සභාපති නුෂාඩ් පෙරේරා !

තමන්ව සතොස සභාපති ධූරයෙන් ඉවත් කළා නොව තමන්ගේ කාර්‍ය බහුලතාවය නිසා ඉල්ලා අස්වූ බව සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා පවසයි.

ඒ සම්බන්ධව ඔහු විසින් නිකුත්කළ ලියවිල්ලක් වැන්නක් ආණ්ඩු හිතවාදි වෙබ් අඩවි පළකර ඇති අතර එය පහත දැක්වෙයි.

121 1bandula G 1000pcකෙසේ වුවත් මීට පෙර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ සීනි ආනයනයේදී සිදුවූ අතිශය සැකකටයුතු ගනුදෙනු සම්බන්ධව එල්ලවූ චෝදනා හේතුවෙන් ජනාධිපති උපදෙස් මත නුෂාඩ් පෙරේරා අදාළ තනතුරින් ඉවත් වන ලෙස  විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුම්දීමක් සිදුකළ බවය.

පාර්ලිමේන්තුව තුළ මෙන්ම රටේ ඉමහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වූ මෙකී සීනි ගනුදෙනුව සම්බන්ධව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කිරීමෙන් පසුව මේ තීන්දුව ගැනීමට කටයුතු යෙදුණු බවත් වාර්තා විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න