මහින්දත් බැසිල්ගේ මතයේ : විමල් පාර්ශවය අනාථයි

මහින්දත් බැසිල්ගේ මතයේ : විමල් පාර්ශවය අනාථයි

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් සියලුම ජාතිකයන්ට අදාළ වන ලෙස එම තීරණය ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇතැයි   නෙත් ගුවන්විදුලිය විසින් වාර්තා කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡාවක දී මෙම උපදෙස් දී ඇතැයි ද එහි සඳහන් වෙයි.

 සිංහල බෞද්ධ පමණයි : මතය ෆේල් වෙයි !

මෙයින්  පෙන්නුම් කරන්නේ සිංහල බෞද්ධ ජාතිවාදී මතය නොව ගෝලීය වසංගතයට එදිරිව විද්‍යාත්මක මතය අනුව තීන්දුව ගැනීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ තීරණය වී ඇති බවය. ඒ අනුව මෙතෙක් ආණ්ඩුවේ දෘෂ්ටිවාදය ලෙස පැවති සිංහල පමණයි මතයට යන එන මං නැතුව ඇත.

පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ  උග්‍ර බැසිල් වාදී අනුගාමිකයකු වූ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති සෘජුවම යෝජනා කර  සිටියේ ස්ථාවර  මුස්ලීම් ජන්ද බැංකුවක් වෙනුවෙන් භුමිදානයට පක්ෂවය, එහිදී ඔහුව හරකෙකුට උපමා කරමින් විමල් ඇතුළු ඔහුගේ උපදේශ නඩය  කියා සෙටියේ  බැසිල් වහාම අදාළ ගෝලයාට මුඛ වාඩමක් දැමිය යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න