මහජන ඡන්දයෙන් පත්වෙන තමන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ ආයතන සහ අමාත්‍ය ධූරය වගකීම් තීරණය කරන්නේ ඊට පිටින් සිටින නිලධාරීන් කිහිපදෙනකු විසින් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය නාලිකාවක් වෙත අදහස් දක්වමින්ය.
වත්මන් ආණ්ඩුවට ප්‍රශස්ති කිය කියා ගියහොත් අගාධයට වැටෙන තුරුම දන්නේ නැතැයි ද ඔහු සඳහන් කරයි.
2015 ආන්ඩුවේ ද සිදුවූයේ මෙම බවත් ආණ්ඩුව වැටෙන්නට නොදී එය පෙන්වා දීම තමන්ගේ යුතුකම බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

