කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් බටහිර දියුණු රටවල් විසින් සොයාගෙන ඇති එන්නත් සම්බන්ධව එක මතයකට පැමිණීමටවත් මෙරට අසමත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ ඖෂධ රාජ්‍ය අමාත්‍යවරයා මත දෙකකට පැමිණ ඇති පසුබිමක් පෙන්නුම් කරන නිසාය.
කොරෝනා වසංගතය සඳහා ලංකාවට සුදුසු වන්නේ Oxford එන්නත බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
කෙසේ නමුත් අප ලබා ගන්නා එන්නත කුමක්ද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිගැනීම මත සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසයි.
තවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ දෙවන රැල්ලේ වෛරසයේ ස්වභාවය පළමු රැල්ලට වඩා පැතිරීම වේගවත් බවයි. එසේම එහි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අඩු බවත් බවත් ඔහු සඳහන් කර සිටී.
කෙසේ වුවත් ඖෂධ රාජ්‍ය ඇමති චන්න ජයසුමන මීට දින කිහිපයකට පෙර පැවසූයේ රුසියාවේ නිෂ්පාදිත Sputnik එන්නත ගෙන්වාගැනිම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
එම එන්නත පෙබරවාරි මුල් සතිය වනවිට ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයිද ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මෙම Sputnik එන්නත ගැන කිසිවක් සඳහන් කර නැත.

